වවුනියාවේ ඡන්ද මධ්‍යස්ථානයක පැය දෙකක් තිස්සේ  වැරදි ඇඟිල්ල පාට කරලා

වවුනියාවේ ඡන්ද මධ්‍යස්ථානයක පැය දෙකක් තිස්සේ වැරදි ඇඟිල්ල පාට කරලා

වවුනියාවේ වෙලිකුලම විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය විමසන ලද මුල් පැය දෙක ඇතුළතදී ඡන්ද දායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සනාථ කිරීම සඳහා සුළැගිල්ල පාට කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

පැය දෙකකට පමණ පසුව ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ඡන්දදායකයින් පිරිසක් මේ මැතිවරණයේදීද කලින් ජනාධිපතිවරණයේදී පාට කළ සුළැගිල්ල මතම පාට කිරීම සම්බන්ධයෙන් මැතිවරණ නිලධාරීන් සමග බහින් බස් වී තිබේ.

පසුව ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයා පැමිණ ඡන්දදායකයින්ගෙන් සමාව ඉල්ලා පසුව මහ මැතිවරණයේදී පාට කිරීමට නියමිත දබරගිල්ල පාට කරන්නට පටන් ගෙන ඇත.

කෙසේ නමුත් මේ සිද්ධිය සම්බන්න්ධයෙන් ඡන්ද දායකයින් පැපරල් හා කැෆේ සංවිධාන වලටද පැමිණිලි කර තිබේ.