අඛණ්ඩ ජල සැපයුමට වියළි කාලගුණයෙන් බාධා

අඛණ්ඩ ජල සැපයුමට වියළි කාලගුණයෙන් බාධා

පවතින වියළි කාලගුණය හේතුවෙන් අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ, දෛනික ජල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන්.

ඇතැම් ප්‍රදේශ වලට අඩු පීඩනයක් යටතේ ජලය ලබා දීම හෝ සීමා කිරීමට සිදුව ඇති බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංවර්ධන, අනෝජා කලුආරච්චි මහත්මිය සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1939 දුරකතන අංකය හඳුන්වාදී තිබෙනවා.

මේ අතර අඹතලේ සහ බියගම ජලපොම්පාගාරවලට ලවණ ඇතුල්වීම වළක්වා ගැනීමට ඉදි කල තාවතකාලික ලවණ බාධකය මේවන විට ඉදිකර අවසන් බව ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.

Share This