ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (11) පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ අනුව එම මණ්ඩලය පැවසුවේ, එම දිස්ත්‍රික්කයේ පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක, සීදූව නගර සභා බල ප්‍රදේශයට, කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ මෙන්ම ගම්පහ නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.