කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 18 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 18 ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (19) උදෑසන 08 සිට ඉරිදා අලුයම 02 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශවලට මෙන්ම, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.