කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 15 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 15 ක ජල කප්පාදුවක්

විදුලි බල මණ්ඩලය මගින් සිදු කරන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලි සැපයුම අත්හිටු වීම සහ ඒ හා සමගාමීව සිදු කරන ජල පිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පැය 15 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, හෙට පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවා තිබේ.

මේ අතර, මොරටුව මහ නගර සභා බල ප්‍රදේශ සඳහා අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බවයි, ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.

Share This