පුපුරා ගිය ජල නළයේ අලුත්වැඩියා කටයුතු අවසන්

පුපුරා ගිය ජල නළයේ අලුත්වැඩියා කටයුතු අවසන්

මෝටර් රථයක් ගැටීමෙන් පුපුරා යාමට ලක්වූ කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වන විට අවසන් කර තිබේ.

මේ හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක ජල සැපයුමට බාධා එල්ල වී තිබූ අතර නළයේ අලුත්වැඩියා කටයුතු අවසන් වීම හේතුවෙන් අද (18) අලුයම 02 පමණ සිට ජල සැපයුම යථාතත්ත්වයට පත්කළ බවයි, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව, දුර ප්‍රදේශවලට ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථාතත්ත්වයට පත්වෙනු ඇතැයි ද එම මණ්ඩලය පැවසීය.

මේ අතර, ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් හා නඩත්තු) කුමුදු විජේගුණවර්ධන මහතා සඳහන් කළේ, ජල නළයට සිදුවූ හානිය නිසාවෙන් තම මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ අලාභයක් සිදුව ඇති බවයි.