ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් විශේෂ දැනුම් දීමක්

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් විශේෂ දැනුම් දීමක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පානීය ජලය හේතුවෙන් ඇතැම් පාරිභෝගිකයන්ට වමනය හා පාචනය වැනි රෝගී තත්ත්වයන් ඇති වී ඇති බවට සමාජ මාධ්‍ය තුල සංසරණය වන පුවත් අසත්‍ය බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ජල සම්පාදන මණ්ඩලය පානීය ජලය සපයනු ලබන්නේ නිසි ක්‍රමවේදයකට අනුව පිරිපහදු ක්‍රියාවලියකින් අනතුරුව තත්ත්ව පරික්ෂාවන්ට ලක් කිරීමෙන් පසුව බවයි, එම මණ්ඩලය පෙන්වා දෙන්නේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය බෙදා හැරීමේ නලවලට හානි සිදු වීමෙන් ඇතැම් විට මිතුපිට අපවිත්‍ර ජලය බෙදා හැරීමේ නල පද්ධතියට එක් වී ජලය අපවිත්‍රවීමේ ප්‍රවණතාවක් පැවතිය හැකි බවයි, එම මණ්ඩලය පවසන්නේ.

එහෙත් මේ වන විට ජල සම්පාදන මණ්ඩලයේ රසඥවරුන් රසායනාගාරවලින් කරන ලද පරික්ෂණවලට අනුව එවැනි අවදානම් තත්ත්වයක් බෙදා හරින පානීය ජලයේ වාර්තා නොවන බව තහවුරු වී තිබෙනවා.

පාරිභෝගික නිවස තුළ ජල ගබඩා ටැංකි නිසි පරිදි පිරිසිදු කර නොගැනීම හා ඒ පිළිබඳ පාරිභෝගකයන් නිසි ලෙස දැනුවත් නොවීම හේතුවෙන් ගැටලුකාරී තතත්වයක් උද්ගත වන බවද ජල සම්පාදන මණ්ඩලය පෙන්වා දෙනවා.

Share This