බඹර ප්‍රහාරයකින් සිසුන් 21ක් රෝහලට – 4කට බරපතලයි

බඹර ප්‍රහාරයකින් සිසුන් 21ක් රෝහලට – 4කට බරපතලයි

කිළිනොච්චිය ධර්මපුරම් මධ්‍යය මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීම නිසා සිසුන් 21 ක් රෝහල් ගත කොට තිබෙනවා.

ඊයේ දින (13) පාසල නිම වීමට ආසන්නයේදි මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති අතර බඹරුන් දෂ්ඨ කළ සිසුන්ගෙන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල වීම නිසා ඔවුන් හතර දෙනා කිළිනොච්චිය රෝහල වෙත මාරු කොට යවා තිබෙන අතර අනෙකුත් සිසුන් කිළිනොච්චිය ධර්මපුරම් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිසුන් 9 දෙනෙකු සවස් කාලයේම රෝහලෙන් බැහැරව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දහවල් අධික රශ්මියක් පැවතීමත් සමගම හමා ගිය සුළගක් නිසා විදුහලේ ගසක බැද තිබූ බඹර කුඩුවක් කැඩී බිමට වැටී ඇත. ඉන් ඇවිස්සුණු බඹරුන් සිසුන්ට දෂ්ඨ කොට තිබේ.

මෙම පාසලේ බඹර වද 6 ක් තවමත් ඇති අතර එම බඹර වද ඉවත් කොට දෙන ලෙස විදුහලේ බලධාරීන් ආයතන හා සංවිධාන කීපයකටම දැණුම් දී ඇතත් මේ වන තුරු එම බඹර කූඩු ඉවත් නොකිරීම නිසා සිසුන්ට හා ගුරුවරුන්ට බඹරුන්ගෙන් දැඩි ලෙස පීඩා විඳීමට සිදුව තිබෙනවා.

පසුගිය වසරේද මේ පාසලේ ළමයින් හත් දෙනෙකුට බඹරුන් දෂ්ඨ කිරීම නිසා ඔවුන්ව රෝහල් ගත කිරීමට විදුහලේ බලධාරීන්ට සිදුව තිබුණා.

Share This