ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවකු අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවකු අත්අඩංගුවට

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු සහ එම ඝාතනයට අනුබල දුන් තවත් අයෙකු දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දී අද (23) අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති වෙඩික්කරු 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නැමැත්තෙකු වන අතර අනෙක් සැකකරු අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගත් සහ වෙඩික්කරුවන් බස්‍ රථයෙන් කතරගම දක්වා රැගෙන ගිය වයස අවුරුදු 29 ක් වූ තාරුකාර වරුණ ඉන්දිකද සිල්වා යන අය බව පොලිසිය පැවසීය.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ මෙහෙයවීම මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකරුවන් සමඟ ටී-56 ගිනි අවියක් හා උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.