ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් අධිකරණයට

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් අධිකරණයට

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය ඇතුළු සැකකරුවන් දස දෙනා අද (05) යළි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

ඉකුත් නඩු දිනයේදී මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මියගේ නියෝගය පරිදි අද දිනයේදී අදාළ නඩුව සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුව සහ ඝාතනයට ලක් වූ සු⁣රේන්ද්‍ර වසන්ත පෙරේරා ගේ පුතු සහ ඔහුගේ දේහය භාරගත් තැනැත්තා නීති කෘත්‍යය සඳහා අධිකරණයෙහි පෙනී සිටීමට නියමිත වේ.