බලයෙන් පහකළ දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට ගන්න වරෙන්තු
දෝෂාභියෝගයකින් පරාජයට පත්කර ධුරය අත්හිටුවනු ලැබූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමට සෝල් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
පසුගිය තුන්වනදා එක්වරම යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් හිටපු ජනාධිපති යුන් සුක් යෝල් දෝෂාභියෝගයක් හරහා ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගැනුනා.
ඔහුට විරුද්ධව කැරල්ලක් සුදානම් කිරීම හා රාජද්‍රෝහි චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා.
එහෙත් ප්‍රශ්න කිරීම් සඳහා ඔහුට නිකුත් කෙරුණු සිතාසි තුනක් නොසලකා හැරීම හේතුවෙනුයි මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ.
කෙසේ වුව ද මෙලෙස හිටපු ජනාධිපතිවරයාට එරෙහිව වරෙන්තු නිකුත් කිරීම නීති විරෝධි බවයි ඔහුගේ නීතිඥයින් පෙන්වා දෙන්නේ.
ඒ අනුව දකුණු කොරියා ඉතිහාසයේ ප්‍රථම වරටයි හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කර ඇත්තේ.
බලයේ සිටින ජනාධිපතිවරයෙකු අපරාධ සඳහා නඩු පැවරීමෙන් නිදහස් වන අතර, කැරලි හෝ රාජද්‍රෝහී ක්‍රියාවල දී එය අදාළ වන්නේ නැහැ.