වාරියපොළ දී ජෙට් යානයක් කඩා වැටෙයි (Photo)

වාරියපොළ දී ජෙට් යානයක් කඩා වැටෙයි (Photo)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් අද (21) පෙරවරුවේ වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයේදී කඩා වැටී තිබේ.

කටුනායක සිට ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව මෙලෙස කඩාවැටී ඇති බව සඳහන්.

යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා යානය කඩාවැටෙන අවස්ථාවේ පැරෂූට් ආධාරයෙන් ඉන් ආරක්ෂිතව ඉවත්වී ඇති බව ගුවන් හමුදාව පවසයි.

යානය පොල්වගා භූමියක් වෙත කඩා වැටී ඇති අතර, එය සම්පූර්ණයෙන්ම ගිනිගෙන තිබේ.

නියමුවන් දෙදෙනා මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇතැයි වාර්තාවේ.