ක්ලබ් වසන්තගේ බිරිඳගේ තත්ත්වය ගැන දැනුම්දීමක්

ක්ලබ් වසන්තගේ බිරිඳගේ තත්ත්වය ගැන දැනුම්දීමක්

අතුරිගිරිය ප්‍රදේශයේ පෙරේදා (07) සිදු වූ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා මේ වනවිට කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ බිරිඳගේ තත්ත්වය තවමත් බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම හෝමාගම මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගේ නැගණියගේද තත්ත්වය ද බරපතළ බව හෝමාගම රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ජනප්‍රිය ගායන ශිල්පිණී කේ. සුජීවා සහ අනෙක් පුද්ගලයා සැත්කම් කිහිපයකට භාජනය කිරීමෙන් අනතුරුව තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් 10ක් වැඩිදුර විමර්ශන සිදුකරයි.