දුෂිතයෙක් පත් කරන්න කලින් හිතා බලන්න – විජිතට තල් සේවකයන්ගෙන් රතු එළියක්

දුෂිතයෙක් පත් කරන්න කලින් හිතා බලන්න – විජිතට තල් සේවකයන්ගෙන් රතු එළියක්

තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්කිරීමට යන මාරියපිලෙයි සෙල්වින් මහතා සම්බන්ධයෙන් දූෂණ වංචා සහ අක්‍රමිකතා චෝදනා රැසක් පවතින හෙයින් ඔහු පත් කිරීමට පෙර දෙවරක් හිතා බලන්නැයි එම මණ්ඩලයේ එක්සත් සේවක සංගමය අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් ඉල්ලීමක් කරයි.

අමාත්‍යවරයාට ලිපියක් යවමින් සංගමය මෙම ඉල්ලීම කර තිබේ.

ඔහුට එරෙහිව පවතින චෝදනා විගණන විමර්ශනවලදී මැනවින් තහවුරු වී ඇතැයිද සංගමය සඳහන් කරයි.

මොහු ක්‍රියාකාරි අධ්‍යක්ෂ ලෙස සිටි 2015-2019 සමයේදී හකුරු මැෂින් මිලදී ගැනීමේ දී කෝටි දෙකකට වැඩි වංචා සිදු වී ඇති බව විගණනවලදී තහවුරු වී රාජ්‍ය අමාත්‍යාංශය එම පාඩු වූ මුදල් අය කර ගැනීමට කටයුතු කරමින් සිටින්නේ යැයි ද සේවක සංගමය අමාත්‍යවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.

මෙවැනි මූල්‍ය අක්‍රමිකතා කළ අයෙකු පත් කිරීමට පෙර දෙවරක් සිතා බලන්නැයි සංගමය අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.