විසා නොමැතිව මෙරට රැඳී සිටි විදෙස් ජාතිකයින් 8 ක් අත්අඩංගුවට
ගුවන් ගමන් බලපත්රයක් සහ වීසා නොමැතිව නුවරඑලියේ දේවස්ථානයක රැඳී සිටි ඉන්දුනිසියානු ජාතිකයන් 08 දෙනෙකු සැකපිට නුවරඑලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නුවරඑලිය පොලිසියට ලද තොරතුරක් මත එම පල්ලියට ගොස් ඉන්දුනිසියානු ජාතිකයන් 08 දෙනා අත්අඩංගුවට ගෙන පරික්ෂා කර බැලිමේදී ඔවුන් සංචාරක වීසා මත මීට මාස දෙකකට ප්රථම දිවයිනට පැමිණ ඇති බව හෙළිව තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඔවුන් සන්තකයේ ගුවන් ගමන් බලපත්රය හෝ වීසා නොතිබුණු බවත්, වීසා කල් ඉකුත් වී ඇති නිසා වීසා අලුත් කිරිමට සියළු ලියකියවිලි මෙරට තම තනාපති කාර්යාලය වෙත භාරදුන් බව සැකකරුවන් පවසා සිටි බව පොලිස් නිලධාරින් කියා සිටියේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා නුවරඑලිය ප්රදේශයට පැමිණීමට ප්රථම හැටන් සහ නාවලපිටිය ප්රදේශවල සංචාරය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
අවු 25-65 අතර වයස් කාණ්ඩ වල පසුවන සැකකරුවන් සමග තවත් 191 දෙනෙකු මෙරටට පැමිණ ඔවුන් දිවයිනේ විවිධ ප්රදේශවල සංචාරය සදහා යොමු වී ඇති බවට සැකකරුවන් පවසා ඇත.