වාහන ආනයන සීමා ඉවතට

වාහන ආනයන සීමා ඉවතට

ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම සහ සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි x පණිවුඩයක් තබමින් සඳහන් කර ඇත්තේ එම තීරණය 2025 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන බවයි.

විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනයවීම සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.