
වාහන කොල්ලකෑමකට අවශ්‍යව සිටි සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට
වාහන කොල්ලකෑමකට අවශ්‍යව සිටි සැකකරුවන් තුන් දෙනෙකු පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පල්ලම පොලිස් වසමේ දී මෝටර් රථයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විශේෂ විමර්ශනයක් සිදුකර තිබේ.
එහිදී අනාවරණය කරගත් කරුණු අනුව කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් කොල්ලකනලද මෝටර් රථයද සමග දඹදෙණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනි.
එම සැකකරුවන්ගේ අනාවරණය පරිදි මෝටර් රථ රියදුරුගේ ජංගම දුරකතනය සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 හා 24 වයස්වල පසුවන දඹදෙණිය හා උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය වයස අවුරුදු 31 ක් වන ආඩියාගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මීගොඩ ප්‍රදේශයේ ත්‍රි රෝද රථයක් කොල්ලකෑම හා පන්නල ප්‍රදේශයේ නිවසකින් ලක්ෂ 17ට ආසන්න වටිනා මුදල් හා දේපල කොල්ලකෑමක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයෙකු ද වන බවයි වාර්තා වන්නේ.