
මන්ත්‍රීවරුන්ට මේ වසරේදී වාහන හෝ වාහන බලපත්‍ර නෑ – ජනාධිපති
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන හෝ වාහන බලපත්‍ර මේ වසරේදී ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
අද (පෙබ. 17) 2025 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
රජයේ නිලධාරීන්ට නිල වශයෙන් ලබා දී ඇති වාහන ඉහළ ඉන්ධන පරිභෝජනයක් ඇති බවත් ඒ සඳහා සැලකිය යුතු නඩත්තු වියදමක් වැය කරන බව ත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
ජනාධිපතිවරයා සඳහන් කළේ, තෝරාගත් නිලධාරීන් සඳහා සුදුසු මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම මගින් වාහන සඳහා වන අධික වියදම අවම කිරීමට කටයුතු කරන බව ය.
එමෙන් ම රජය සතු සියලු ම සුඛෝපබෝගී වාහන මාර්තු මාසයේදී වෙන්දේසි කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරට ත් පැවසීය.