පා.මන්ත්‍රීවරු 225ටම රජයෙන් වාහනයක් – ඇමැති විජිත

පා.මන්ත්‍රීවරු 225ටම රජයෙන් වාහනයක් – ඇමැති විජිත

නුදුරු අනාගතයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහන ලබා දීමට රජය සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පවසයි.

මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමට බලපත්‍ර තවදුරටත් ලබා නොදෙන බවයි ඔහු සඳහන් කළේ.

ඊයේ (20) රාත්‍රියේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනට එක් වූ අවස්ථාවේදී ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

තීරණය පැහැදිලි කරමින් අමාත්‍යවරයා පැවසුවේ, සියලුම මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම සහතික කිරීමට රජය පියවර ගන්නා අතර එමඟින් තනි වාහන ආනයන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කරන බවයි.