වාහන ආනයනය ගැන රජයෙන් දැනුම් දීමක්

වාහන ආනයනය ගැන රජයෙන් දැනුම් දීමක්

ඉදිරියේදී වාහන ආනයනය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අද (15) පැහැදිලි කිරීමක් කළේය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, වාහන ආනයනය කිරීම සඳහා ඉඩ පහසුකම් සලසන්නැයි ඉල්ලීමක් කර තිබෙන නමුත් මෙම අවස්ථාවේ හදිසියේ වාහන ගෙන්වීම කර නොමැති බවත් තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බවත්ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

එමෙන්ම ඩොලර් අර්බුදයක් රට තුළ යළි ඇති නොවෙන ආකාරයට, වාහන අවශ්‍යතාවය සැපිරීම සඳහා යම් ඉඩ ප්‍රස්ථාවක් ලබා දීමට බලාපොරොත්තුවන බවයි, ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

“වාහන ආනයනය කිරීම සඳහා ඉඩ පහසුකම් සලසන්න කියලා ඉල්ලීමක් තියෙනවා.

ඒ සඳහා කලින් ගත්ත කැබිනට් තීන්දුවක් තියෙනවා. නමුත් මේ වෙලාවේ හදිසියේ අපි වාහන ගෙන්වීම කරලා නැහැ.

අපි බලයට පත්වුණාට පස්සේ තීරුබදු සහන දෙන වාහන ගෙන්වලා නැහැ.

නමුත් වාහන ගෙන්වීමේ කටයුත්ත නිවැරදි ක්‍රමවේදයකට යටත්ව.

අපේ ඩොලර් ප්‍රමාණයන් පිටට ඇදිලා යන්නේ නැති වෙන්න, අපිට ඩොලර් අර්බුදයක් රට තුළ යළි ඇති නොවෙන ආකාරයටත්, ඒ වගේම වාහන අවශ්‍යතාවය සැපිරීම සඳහා යම් ඉඩ ප්‍රස්තාවක් විවෘත කිරීම සඳහා ඒ අවස්ථාව අපි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

දැනට තීරුබදු සහන සහිත වාහන ගෙන්වීමක් අපේ බල පාලනය ඇතුළේ අලුතෙන් ගත් තීරණ විදිහට අපි ක්‍රියාත්මක කරලා නැහැ.

නමුත් වාහන ගෙන්වීම පිළිබඳව අපි ඒ අවස්ථාව ලබාදෙන්න ඕනේ කියන ස්ථාවරයේ ඉන්නවා.”