එළවළු මිළ පහළට

එළවළු මිළ පහළට

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවළු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව කැරට්, බොංචි, ගෝවා ඇතුලු එළවළු මිල ගණන් තවදුරටත් ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බවත් ඔව්හු පවසති.

සාමාන්‍ය වෙළෙඳපොළේ අද (27) දිනයේදී කැරට් රුපියල් 280 ක පමණ මිලකටත්, බෝංචි රුපියල් 320 කටත්, ගෝවා රුපියල් 340 කටත්, තක්කාලි රුපියල්  200 කටත්, ලීක්ස් රුපියල් 300 කටත්, බණ්ඩක්කා රුපියල් 90 කටත්, වැටකොලු රුපියල් 240 කටත්, පතෝල රුපියල් 200 කටත්, වට්ටක්කා රුපියල් 60 කටත්, අමුමිරිස් රුපියල් 400 කටත්, දෙහි රුපියල් 600 කටත් ආදී මිළට කිලෝවක් අලෙවි වී තිබේ.

කොළඹ මැනිං වෙළදපොලේ  බොංචි කිලෝව රුපියල් 200කටත්,  කැරට් රුපියල් 150කටත්, ගෝවා රුපියල් 220කටත්, තක්කාලි රුපියල් 180 කටත්, වම්බටු රුපියල් 200 කටත්, වට්ටක්කා රුපියල 60 කටත්, අමුමිරිස් රුපියල් 150 කටත්, දෙහි 350 කටත් කිලෝව සිල්ලරට අලෙවි වන බව පාරිභෝගිකයෝ කියති.

මේ අතර වෙළඳපොලේ පොල් මිළ තවදුරටත් ඉහළ අගයක් ගෙන ඇතැයි  පාරිභෝගිකයෝ සඳහන් කරති.

ඒ අනුව පොල් ගෙඩියක මිල රුපියල් 120ත් 150 ත් අතර අධික මිලක පවතින බවයි පැවසෙන්නේ.