එකම අංකය සහිත වාහන දෙකක් අල්ලයි

එකම අංකය සහිත වාහන දෙකක් අල්ලයි

එකම අංකයට ලියාපදිංචි කළ මෝටර් රථ දෙකක් වෙන්නප්පුව අංගම්පිටියේ ප්‍රදේශයේ තිබියදී වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිය මෝටර් රථයේ ලියාපදිංචි පොත හා වාහන පැවරුම් අයැදුම් පත සොරාගෙන ඒ වෙනුවට ව්‍යාජ ලියාපදිංචි පොතක් මාරුකර ඇති බවට වයික්කාල අංගම්පිටියේ පදිංචි පුද්ගලයකු හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය පවසයි.

එම පැමිණිල්ල අනුව වයික්කාල අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු සතුව තිබූ එක හා සමාන ලියාපදිංචි අංක සහිත ටොයෝටා එලියොන් වර්ගයේ එකම වර්ගයේ එකම වර්ණයෙන් යුතු මෝටර් රථ දෙක වෙන්නප්පුව පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබේ.

පොලිස් බාරයට ගෙන තිබු මෝටර් රථ දෙක වැඩිදුර විමර්ශණ කටයුතු සදහා හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශණ අංශය වෙත බාරදි ඇත.