තිරිප්පනේ දී වෑන් රථයක් දරුණු අනතුරක

තිරිප්පනේ දී වෑන් රථයක් දරුණු අනතුරක

කොළඹ සිට කිළිනොච්චිය බලා ධාවන වූ වෑන් රථයක් තිරිප්පනේ පුංචිකුලම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අද (22) අළුයම සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන් කළ දෙදෙනකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව තිරිප්පනේ පොලිසිය පවසයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, කොළඹ සිට කිළිනොච්චිය බලා ඒ 09 මාර්ගය ඔස්සේ ධාවනය කෙරුණ වෑන් රථයකි.

අදාල වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පරික්ෂණ පවත්වන තිරිප්පනේ රථ වාහන පොලිසිය පවසයි.

අධික වේගයෙන් ධාවනය වී ඇති මෙම වෑන් රථය පුංචිකුලම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරින් වෑන් රථයේ පසු පස අසුනේ ගමන් ගත් දෙදනකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් ඇත.

අනතුරින් වෑන් රථයටද දැඩි අලාභ හානි සිදුව ඇති අතර සිද්ධිය සමබන්ධයෙන් තිරිප්පනේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.එස්. කුමාරසිංහ මහතාගේ උපදෙස් මත රථ වාහන පොලිස් නිළධාරින් පුළුල් විමර්ශණ ආරම්භ කර තිබේ.

වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන