ප්‍රවීණ නර්තනවේදිනී ආචාර්ය වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නර්තනවේදිනී ආචාර්ය වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නර්තනවේදිනී පද්ම ශ්‍රී ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (23) දහවල් ඇය අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

වර්ෂ 1932 මාර්තු මස 15 වැනි දින මෙලොව එළිය දුටු ඇය කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් ද වන අතර ඇය මෙරට බිහි වූ පළමු උඩරට නර්තන ශිල්පිනියයි.

දේශමාන්‍ය වජිරා චිත්‍රසේන ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික නර්තන ශිල්පියෙක සේම නර්තන ගුරුවරියක් ද වනවා.

1949 දී චිත්‍රසේන මහතා රචනා කළ රාවණා මුද්‍රා නාට්‍යය සඳහා පූජා නර්තනයෙන් මෙන්ම කරදිය, නල දමයන්ති මුද්‍රා නාට්‍යයන් සඳහා නර්තනයෙන් ද ඇය තම දායකත්වය ලබා දෙනු ලැබුවා.

මේ අතරින් කරදිය මුද්‍රා නාට්‍යයේ සිසීගේ චරිතයත් නල දමයන්තිහි හංස ධේනුවගේ චරිතයත් ඇගේ නර්තන ප්‍රතිභාව මෙන්ම රංගන කෞෂල්‍ය ද විදහා දැක්වීමට සමත් වුණා.

සාම්ප්‍රදායිකව පිරිමින් පමණක් ඉදිරිපත් කළ උඩරට නර්තනය ප්‍රගුණ කළ පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙස ඉතිහාසගත වන්නේ ද ඇයයි.

කාන්තා උඩරට නැටුම් විලාසය සඳහා සන්නාමයක් නිර්මාණය කිරීම සහ චාරිත්‍රානුකූල නර්තන ශිල්පීන් වීමට කාන්තාවන්ට අවශ්‍ය පසුබිම සැකසීමේ ගෞරවය හිමිවන්නේ ද දේශමාන්‍ය වජිරා චිත්‍රසේන නර්තනවේදිනියටයි.

ඇය විවාහ වී සිටියේ ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු සහ නර්තන ගුරුවරයෙකු වූ චිත්‍රසේන සමඟයි.

ඉන්දියාවේ 71 වැනි ජනරජ දිනයට සමගාමීව ඉහළම ඉන්දීය සිවිල් සම්මාන වලින් එකක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් ද ඇය පිදුම් ලබා තිබෙනවා.