මාස දෙකක් කල් ඉකුත් වූ එන්නතක් දීමෙන් සරසවි සිසුහු හතක් රෝහලට!

මාස දෙකක් කල් ඉකුත් වූ එන්නතක් දීමෙන් සරසවි සිසුහු හතක් රෝහලට!

ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර ඉගනුම ලබන සිසු සිසුවියන් 07 දෙනෙකු සදහා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබා දුන් එන්නත් හේතුවෙන් සිසුවියන් 06 කු සහ එක් සිසුවකු හදිසි අසනීප තත්ත්වයකට ලක්ව අද (17) දා දහවල් බෙලිහුල්ඔය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සදහා බලන්ගොඩ මුලික රෝහලට මාරුකර යවා ඇති බව සමනල වැව පොලිසිය පවසයි.

විශ්වවිද්‍යාලයේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මාස දෙකක් පමණ කල් ඉකුත් වී ඇති එන්නත් අද දහවල් ලබා දීම හේතුවෙන් මෙම රෝග තත්ත්වය ඇති වී තිබෙන බවට වාර්තා විය.

බෙලිහුල්ඔය ප්‍රදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන සිසු සිසුවියන් බැලීම සදහා සබරගමු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැමිණ අතර ඒ මහාතාගෙන් මේ සම්බන්දයෙන් කළ විමසීමකදී පැවැසුවේ, ඇති වී තිබෙන සිද්ධිය සම්බන්දයෙන් විශ්වවිද්‍යාලය තුලින් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි.