එජාප විශේෂ මහා සම්මේලනය අද

එජාප විශේෂ මහා සම්මේලනය අද

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද පස්වරු 02ට පිටකෝට්ටේ, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වේ.

ජනාධිපති හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන එම විශේෂ මහා සම්මේලනයට සෑම මැතිවරණ කොට්ඨාසයක්ම නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් සහභාගී වීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ යෝජනාවට මෙම විශේෂ මහා සම්මේලනයේදී අනුමැතිය ලබාගැනීමට නියමිත බවයි, වාර්තා වන්නේ.

සමගි ජන බලවේගයේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දීමට පැමිණි සියලු මන්ත්‍රීවරුන් මෙම සම්මේලනයේ විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී වීමට නියමිතය.