පාසල් සිසුන්ට දෙන්න ආ නිල ඇඳුම් වේයන්ට කන්න ඇරලා

පාසල් සිසුන්ට දෙන්න ආ නිල ඇඳුම් වේයන්ට කන්න ඇරලා

පාසල් සිසුන් සඳහා 2024 වර්ෂයට නොමිලේ බෙදා දී ඉතිරිව තිබූ නිල ඇඳුම් තොගයක් කින්නියා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය තුළ වේයන් කා දමා විනාශ වීමට ඉඩ හැර ඇතැයි වාර්තාවේ.

කින්නියා කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් අධ්‍යාපන කොට්ඨාස තුනක පාසල් සඳහා බෙදා දී ඉතිරී වූ නිල ඇදුම් තොග ආපසු යවනු වෙනුවට කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය පෙට්ටි අටක බහා නිල ඇඳුම් හාරසීයකට ආසන්න ප්‍රමාණයක් මෙලෙස විනාශ වීමට ඉඩ හැර තිබේ.

එම පෙට්ටි වේයන් කා දමා මඩ ජලයෙන් තෙත්ව ඇති අයුරු දැක ගත හැකිය.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ.එම්.ඩබ්.ජි.දිසානායක මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් සොයා බලා වගකිවයුත්තන්ට එරෙහිව කටයුතු කරන බවයි.