විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාර ගැනීම හෙට සිට

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාර ගැනීම හෙට සිට

2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් හෙට (14) පෙරවරු 6 සිට ඉදිරිපත් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත පිවිසීමෙන් අදාළ අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ.

අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024 ජුලි 05 වනදා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.