“පාතාලයට වෙන දේ ඉස්සරහට බලාගන්න පුළුවන්”
පාතාලය මර්දනය කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බවත් එහි ප්‍රතිඵල ඉදිරියේදී රටටම දැකගත හැකි වනු ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
කුඩු සළිඳු හා පොඩි ලැසී නමැති සංවිධානාත්මක අපරාධකරුවන් රටින් පළා ගොස් ඇති බවට වන වාර්තා සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ඔහු මෙසේ ද කිවේය.
“පාතාලයත් කුඩු ජාවාරමත් මර්දනයට රජයක් හැටියට අපි අනිවාර්යෙන් කැපවෙනවා. හැබැයි ෂෝ එකක් දාලා සතියේ සති දෙකේ මෙහෙයුම්වලින් නෙවෙයි.
අපි ගන්නා ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම නෙවෙයි වැදගත්. ප්‍රතිඵලය වැදගත්. අදාළ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා කියන එක තමයි දැන් කියන්න වෙන්නේ. ඉදිරියේදී ප්‍රතිඵල බලාගන්න”