මාස හයක් තුළ පාතාලය ඉවර කරනවා – දේශබන්දු තෙන්නකෝන්

මාස හයක් තුළ පාතාලය ඉවර කරනවා – දේශබන්දු තෙන්නකෝන්

මාස 06ක කාලයක් තුළ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස්කර මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

විදෙස් ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙරට සිදුවන අපරාධ මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති බවත් ඊට සම්බන්ධ මෙරට අපරාධකරුවන් රැසක් මේ වන විට පොලිස් භාරයේ පසුවන බවත් ඔහු පැවසීය.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම අදහස් පළ කළේය.

එසේම දකුණු පළාතේ වාර්තා වූ සංවිධානාත්මක අපරාධ මෙහෙයවූයේ විදෙස්ගතව සිටින අපරාධකරුවන් බවත් එවැනි මහා පරිමාණ අපරාධකරුවන් තිදෙනෙක් මේ වන විටත් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු පැවැසී්‍ය.

එසේම ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ඉල්ලන, ව්‍යාපාරිකයින්ට තර්ජනය කර මුදල් ලබාගන්නා පුද්ගලයන් සිටීනම් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කරන ලෙසද ඔහු පැවැසීය.

Share This