උගන්ඩාවේ පාසලකට ත්‍රස්ත ප්‍රහාරයක් – 25 ක් මරුට

උගන්ඩාවේ පාසලකට ත්‍රස්ත ප්‍රහාරයක් – 25 ක් මරුට

බටහිර උගන්ඩාවේ පාසලකට ඒ.ඩී.එෆ්. නම් සංවිධානයට සම්බන්ධ කැරලිකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් 25 දෙනෙකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලබා තිබේ.

ප්‍රහාරයෙන් පසු විරුංගා ජාතික වනෝද්‍යානය දෙසට පළා ගිය කැරලිකරුවන් උගන්ඩාවේ හමුදා සොල්දාදුවන් විසින් ලුහුබඳිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ (16) රාත්‍රියේ එල්ල කළ මෙම ප්‍රහාරයේදී පාසලේ නේවාසිකාගාරයක් ගිනි තබා ඇති අතර ආහාර ගබඩාවක් කොල්ල කා ඇති බව සඳහන්.

කොන්ගෝව සමඟ උගන්ඩා දේශසීමාවේ සිට කිලෝමීටර් දෙකකට වඩා අඩු දුරකින් පිහිටි පාසලට එල්ල වූ ප්‍රහාරය වසර ගණනාවකට පසුව උගන්ඩාවේ පාසලකට එල්ල වූ පළමු ප්‍රහාරයයි.

1998 වර්ෂයේදීද අධ්‍යාපන ආයතනයක් වෙත ත්‍රස්ත කල්ලියක් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර, එහිදී සිසුන් 100 කට අධික පිරිසක් පැහැරගෙන ගොස් තිබූ අතර, 80 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබුණි.

Share This