උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වේ

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වේ

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව තිබේ.

ඔහු සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙමින් ඒ බව කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා ගමන් කළ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ පියාගේ නිවෙස අසලදී වෙඩි තැබීමේ සිද්ධියක් ද වාර්තා විය.

උද්දික ප්‍රේමරත්න මහතා 2020 මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.

ඔහු විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු වන අතර පසුගිය වසරේ සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

Share This