දේශීය ටයර් මිල අඩු කිරීමට එකඟතාවක්

දේශීය ටයර් මිල අඩු කිරීමට එකඟතාවක්

මෙරට නිෂ්පාදනය කරන ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට ටයර් නිෂ්පාදකයින්ගේ සංගමය වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට ඊයේ (31) සිය එකඟතාවය පළ කර තිබේ.

දේශීය ටයර් නිශ්පාදකයා නඟා සිටුවීමටත්, පාරිභෝගිකයින් වෙත සහනදායී මිලකට, නියමිත ප්‍රමිතියෙන් යුතු දේශීය ටයර් ලබා දීම එහිදී අරමුණු කර ගෙන තිබුණා.

දේශීයව නිශ්පාදනය කරන්නා වූ ටයර් රට තුල තිබියදී රටේ ධනය ඩොලර් මිලයන ගණනක් වැය කොට ටයර් ආනයනය සිදු කිරීම තුලින් රට තුල ඇති ඩොලර් ප්‍රමාණයටද බලපෑමක් වී ඇති බවත්, එම ආනයනයන හේතුවෙන් ටයර් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා රට තුල පවතින බවත් දේශීය ටයර් නිශ්පාදකයින්ගේ සංගමය පෙන්වාදෙනවා.

එමෙන්ම මේ හේතුවෙන් ඉදිරියේදී ආනයන කරන ටයර් සඳහා යම් සීමාවන් පැනවීමට කටයුතු කරන ලෙසත් ඔවුන් එහිදී ඉල්ලා සිටියා.

COMMENTS