ගොඩබාන්න ගිය තුර්කි ගුවන් යානයේ ටයරයක් පුපුරලා

ගොඩබාන්න ගිය තුර්කි ගුවන් යානයේ ටයරයක් පුපුරලා

තුර්කියේ මධ්‍යධරණී මුහුද අසල පිහිටි Alanya නගරයේ gazipasa ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට ආසන්නව තිබියදී තුර්කි මගී ගුවන් යානයක් අනතුරට පත්වී තිබෙනවා.

යානය ගුවන් පථයට ගොඩබාන අවස්ථාවේ ටයරක් පුපුරා යෑමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

එම යානය ජර්මනියේ කොලොන් නගරයේ සිට තුර්කිය බලා පැමිණි ‘කොරෙඩොන්’ ගුවන් සේවයට අයත් ගුවන් යානයක් වනවා.

අනතුරින් යානයේ සිටි කිසිවකුටත් හානියක් සිදු නොවූ බවයි වාර්තා වන්නේ.

Share This