ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවමින් අධිකරණ නියෝගයක්

ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවමින් අධිකරණ නියෝගයක්

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා තිබේ.

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුව එම නියෝගය පනවා තිබේ.

අදාළ තීන්දුවට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් හට ජනාධිපතිවරණය සඳහා කොලරාඩෝ ප්‍රාන්තයෙන් තරග වැදීමට අවස්ථාව අහිමි වනු ඇති.

14 වැනි සංශෝධනයේ තුන්වන වගන්තිය යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරය දැරීමට නුසුදුස්සෙකු බව කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් වැඩිදුර අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ජනවාරි 4 දක්වා ඩෝනල්ඩ් ට්‍රම්ප් හට අවස්ථාව ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Share This