ට්‍රම්ප් රුසියානු ජනපති සමග හමුවකට සූදානමින්

ට්‍රම්ප් රුසියානු ජනපති සමග හමුවකට සූදානමින්

තමන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් ඔහු ඊට අදාළ දින වකවානු පිලිබඳ තවම තීරණය කර නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය Tass උපුටා දක්වමින් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක Dmitry Peskov පැවසුවේ, එක්සත් ජනපදය තවමත් නිල වශයෙන් රැස්වීමක් ඉල්ලා නොමැති බවයි.

ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු යුක්රේනයේ යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට පොරොන්දු වී ඇති අතර ඒ පිළිබද රුසියානු ජනාධිපතිවරයා සමග මෙහිදී සාකච්ඡා සිදු වනු ඇති බවයි, සදහන් වන්නේ.