එලොන් මස්ක්ට ට්‍රම්ප්ගෙන් ලොකු තනතුරක්

එලොන් මස්ක්ට ට්‍රම්ප්ගෙන් ලොකු තනතුරක්

අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ පරිපාලනය සඳහා අලුතින් නිර්මාණය කරන ලද රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික එලොන් මස්ක් පත්කර තිබේ.

ටෙස්ලා සහ ස්පේස් X සමාගම්වල ප්‍රධාන විධායකයා වන ඊලොන් මස්ක් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය වුයේය.

ට්‍රම්ප්ට සහය ලබා දෙන බව තහවුරු කරමින්, ඊලොන් මස්ක් පෙන්සිල්වේනියා ජනපදයේ, බට්ලර් නුවර ට්‍රම්ප්ගේ දේශපාලන වේදිකාවට ගොඩවූයේ පසුගිය ඔක්තෝබර් මාසයේය.

මේ අතර, ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, එලොන් මස්ක් අදාළ දෙපාර්තමේන්තුවට ජෛව තාක්‍ෂණ ආයෝජකයෙකු වන විවේක් රාමස්වාමි සමග එක්ව නායකත්වය සපයනු ඇති බවයි.

2024 ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටි රාමස්වාමි පසුව එම තරගයෙන් ඉවත්වුණි.