ට්‍රම්ප් ඝාතන තැත ගැන ජනපති කම්පා වෙයි

ට්‍රම්ප් ඝාතන තැත ගැන ජනපති කම්පා වෙයි

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඝාතනය කිරීමට තැත් කිරීම පිළිබඳ අසා, තමා කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ වන විට නිරුපද්‍රිතව සිටින බව දැනගැනීම සතුටට කරුණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

දේශපාලනය තුළ ශ්‍රී ලාංකිකයින්ද මෙවැනි ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනු ලබන නීතිවලට අනුගතව කටයුතු කරන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.