ලියාපදිංචි නැති ජංගම දුරකථන වලට තහනමක්!

ලියාපදිංචි නැති ජංගම දුරකථන වලට තහනමක්!

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරට තුළ භාවිතය ඉදිරියේදී තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසයි.

නිසි ප්‍රමිතියකින් තොරව නීත්‍යානුකූල නොවන අන්දමින් තවදුරටත් මෙරටට සන්නිවේදන උපකරණ ගෙන්වීම නතර කිරීම මෙහි අරමුණ බවයි, එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා සඳහන් කළේ.

ඒ අනුව, මින් ඉදිරියට අදාළ සන්නිවේදන උපකරණ ගෙන්වන ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළේය.

ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් මෙම මස අවසානය වන විට හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

කෙසේවෙතත්, දැනට භාවිත කරන ජංගම දුරකථනවලට මෙම නව වැඩපිළිවෙල මඟින් බාධාවක් සිදුනොවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS