උඩරට දුම්රිය ධාවනය යථා තත්වයට

උඩරට දුම්රිය ධාවනය යථා තත්වයට

ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස්කදු ගල් පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය අද (7) උදෑසන යථා තත්වයට පත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ස්ථාන 12 කදී පස්කදු ගල් පර්වත ඊයේ (6) පස්වරුවේ කඩා වැටී තිබූ බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය.

අධික මීදුම ශීතල වර්ෂාවත් මධ්‍යයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔහිය දුම්රිය මාර්ග අංශයේ තාක්ෂණ ශිල්පීන් ,දුම්රිය සේවකයන් දියතලාව යුදහමුදා කදවුරේ රයිෆල් බලකායේ භටයන් එක්වී මහත් වෙහෙසක් දරමින් දුම්රිය මාර්ගය ට කඩා වැටී තිබූ පස්කදු ගල්පර්වත ඉවත් කර අද (7) උදෑසන වන විට බදුල්ල කොළඹ දුම්රිය ධාවනය යථා තත්වයට පත් කල බබවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .

Share This