තැපැල් දුම්රියට තරුණයෙක් බිළි

තැපැල් දුම්රියට තරුණයෙක් බිළි

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ දෙමෝදර ගවරවෙල ප්‍රදේශයේදී අද උදෑසන පුද්ගලයෙක් ගැටී මියගොස් ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ රබර්වත්ත කොටස ගවරවෙල දෙමෝදර ලිපිනයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.