මීනගයා අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි අලි පැටවාත් මියයයි

මීනගයා අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි අලි පැටවාත් මියයයි

මීනගයා දුම්රියේ ගැටී දින 3ක් අසරණව සිටි වන අලි පැටවා ද මිය ගොස් තිබෙනවා.

ගල් ඔය 141 වෙනි දුම්රිය සැතපුම් කණුව ආසන්නයේ දී මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මීනගයා රාත්‍රී ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් වන අලි 6 දෙනෙකු මියගියා.

එහිදී බරපතල තුවාල ලැබූ අලි පැටවෙකු දින 3ක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වුණා.

පශු වෛද්‍ය නිලධාරීන් ද අලි පැටවාගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වුනු බවයි වාර්තා වන්නේ.