දුම්රිය ගමන් වාර 30ක් අවලංගු කෙරේ

දුම්රිය ගමන් වාර 30ක් අවලංගු කෙරේ

රියදුරන්ගේ හිඟයක් හේතුවෙන් අද (17) පෙරවරුවේ සිට දුම්රිය ගමන් වාර 30 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගත් බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.

වර්තමාන දුම්රිය කාල සටහනට අනුව රියදුරන් 68ක් සේවයේ සිටිය යුතු වුවද රියදුරන් 42 ක් පමණක් අද දිනයේ සේවය කරන බවත් රියදුරන් 27 ක් ලෙඩ නිවාඩු දමා ඇති බවත් වෘත්තිය සමිති නියෝජිතයෝ වැඩිදුරටත් සඳහන් කරති.