දුම්රිය මගීන් ගෙන යන ගමන් මල්ලට මුදලක් අය කෙරේ
දුම්රිය මගීන් විසින් ගෙන යනු ලබන අමතර මළු සඳහා අය කිරීමක් සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙන බව වාර්තා වේ.
කාර්යාලීය සේවකයින්ට තමන්ගේ රජකාරි ගමන් මල්ල ද, පුද්ගලික ගමනක් නම්; ඇඳුම් බෑගය පමණක් දුම්රියෙන් නොමිලේ රැගෙන යාමට මගීන්ට අවසර හිමිවන බවයි වාර්තා වන්නේ.
කිලෝග්රෑම් 25ට අඩු භාණ්ඩ මල්ලක් පමණක් මගීන්ට රැගෙන යාමට අවස්ථාව හිමිවන අතර ඒ සඳහා ද අමතර ගෙවීමක් කිරීමට සිදුවනු ඇති.
කිලෝග්රෑම් 25ට වැඩි සිය භාණ්ඩ මළු නියමිත පරිදි සකස් කර කාර්යාලීය වේලාවන් තුළ දී මගීන් විසින් දුම්රිය ස්ථාන වලට භාරදීම සිදු කළ යුතු වනවා.
එසේ නොවන දුම්රියෙන් ප්රවාහනය කරන සියලුම ගමන් මළු සඳහා දඩ මුදලක් අය කිරීමට සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්රදර්ශනය කර ඇති දැන්වීමක සඳහන් වන බවයි වාර්තා වන්නේ.
මෙම දැන්වීම හලාවත – මාදම්පේ දුම්රිය ස්ථානයේ ප්රදර්ශනය කර තිබූ බවයි වාර්තා වන්නේ.