කොළඹ කොටුවේ සිට මරදාන දෙසට යන දුම්රිය සියල්ල නවතී

කොළඹ කොටුවේ සිට මරදාන දෙසට යන දුම්රිය සියල්ල නවතී

කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ගමන් පථ වෙනස් කිරීමේ අංශයේ (Railroad Switch) ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මරදාන දෙසට ධාවනය වන සියලුම දුම්රියන් තාවකාලිකව නවතා තිබෙනවා.

ඒ අනුව කොළඹට පැමිණෙන කාර්යාල දුම්රිය ද මෙලෙස ප්‍රමාද වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වනවිටත් එහි නඩත්තු කටයුතු අරඹා ඇති අතර, හැකි ඉක්මනින් එය යථා තත්ත්වයට පත් කරන බවයි.