මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය වන ආකාරය ගැන දැනුම් දීමක්

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය වන ආකාරය ගැන දැනුම් දීමක්

Update – පානදුර දුම්රිය පීලිපැනීමෙන් අවහිරවූ එක් මාර්යක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පිළිපැනීමෙන් අවහිර වී තිබූ දුම්රිය මාර්ග දෙකෙන් එක් දුම්රිය මාර්ගයක් දහවල් 2.35 වන විට විවෘත කිරීමට දුම්රිය කාර්මික ශිල්පීන් සමත් වී තිබේ.

කොළඹ ජල ධාවක බලාගාර ශිල්පීන් ඇතුළු පනහකට ආසන්න ප්‍රමාණයක් පැය තුනක පමණ කාලයක් දැඩි වෙහෙසක් දරා එම දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කරන ලදී.


මුහුදු බඩ දුම්රිය මාර්ගයේ පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට මොරටුව දක්වා සහ මාතර – ගාල්ල සිට වාද්දුව දක්වා ද සීමා කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පානදුර සිට කොළඹ කොටුව, මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය මාර්ග දෙකම අවහිර වන අයුරින් පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ අද උදේ පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබුණි.

මේ වනවිට පීලි පැන තිබෙන දුම්රිය පීලි ගත කිරීම ආරම්භ කර ඇති අතර දුම්රිය ආපදා රථය එම ස්ථානයට ළගා වී ඇති බවත් දුම්රිය ආරංචි මාර්ග පවසයි.