මුහුදුබඩ දුම්රිය කාලසටහනේ වෙනසක්

මුහුදුබඩ දුම්රිය කාලසටහනේ වෙනසක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන අද (01)සිට සංශෝධනය කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ප්‍රමාදවීම් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා මගීන්ගෙන් ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගනිමින් එම පියවර ගත් බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ.

ඒ අනුව සංශෝධිත දුම්රිය කාලසටහන පහත පරිදි වනවා

1.මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කල රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පෙරවරු 05.25ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ගමනාරම්හ කිරීමට නියමිතයි.

2.සතියේ දිනවල පමණක් ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමි දුම්රිය මගී ජනයාගේ පහසුව පිණිණ සෙනසුරාදා දිනයද ධාවනය කිරීමට නියමිතයි.

3.සතියේ දිනයන්හී රාත්‍රී 08.35ට මරදාන සිට දකුණු පයාගල දක්වා ධාවනය වන දුම්‍රිය 2024.01.01 දින සිට අලුත්ගම දක්වා ගමනාන්තය දීර්ඝ කර ඇත.

4.පස්වරු 02.00ට මරදාන සිට අලුත්ගම දක්වා ධාවනය වන දුම්රිය 2024.01.01 දින සිට පස්වරු 01.55ට මරදාන සිට අලුත්ගම දක්වා ගමනාරම්භ කිරීමට නියමිතයි.

Share This