දුම්රිය ගමන් වාර 15ක් අදත් අවලංගුයි

දුම්රිය ගමන් වාර 15ක් අදත් අවලංගුයි

දුම්රිය රියදූරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගයට සූදානම්වීම හේතුවෙන් අද (18) පෙරවරුවේත් කෙටි දුම්රිය ගමන් වාර 15ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත්, ප්‍රධාන දුම්රියයන් අවලංගු කිරීමකින් තොරව ධාවනයේ යෙදවීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය රියදුරු සංගමයේ සභාපති ජේ. ඒ. යූ කොන්තසිංහ මහතා සදහන් කළේ.

දුම්රිය රියදුරන් පිරිසක් කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණයකට සහභාගීවීම මෙම දුම්රිය ගැටලුවට හේතු වී තිබෙනවා