කාර්යාල දුම්රිය ගමන් වාර 4ක් අවලංගු කෙරේ

කාර්යාල දුම්රිය ගමන් වාර 4ක් අවලංගු කෙරේ

අද (25) උදෑසන ධාවනය කිරීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 4ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 02ක් මෙලෙස අවලංගු වී ඇති අතර, කැළණිවැලි සහ පුත්තලම මාර්ගවල එක ගමන් වාරය බැඟින් අවලංගු කර ඇත.

දුම්රිය එන්ජින් රියදුරන් විසින් ආරම්භ කර තිබූ දුම්රිය වර්ජනය ඊයේ (24) පස්වරුවේ අත්හිටවූවද, අද (25) උදෑසන වන විට දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් පවතින බවත් එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.