ඇල්ලට සීමා කර තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි

ඇල්ලට සීමා කර තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි

විදේශීය චිත්‍රපට රූගත කිරීමක් හේතුවෙන් කොළඹ කොටුව සිට ඇල්ල දක්වා දින හතක් සීමා කර තිබූ දුම්රිය ධාවනය අද (16) සිට කොළඹ කොටුව හා බදුල්ල අතර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද පෙරවරුවේ සිට පොඩි මැණිකේ, උඩරට මැණිකේ, රාත්‍රී තැපැල් දුම්රිය, ඔඩිසි දුම්රිය ඇතුළු සියලු දුම්රිය කොටුව හා බදුල්ල අතර ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.

ඉන්දු – ශ්‍රීලංකා ඒකාබද්ධ සිනමා පටයක් රූගත කිරීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පසුගිය 9 වනදා සිට ඊයේ (15) දක්වා, උදේ 7.30 හා සවස 5.30 අතර කොළඹ කොටුව සිට ඇල්ල දක්වා සීමා කර තිබූ බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.